ටෝකියෝ ඔලිම්පික් ගම්මානයෙන් පළමු කොවිඩ් ආසාදිතයා හමුවෙයි

0 10

ඔලිම්පික් උළෙල ආරම්භවීමට දින හයක් පමණක් ඉතිරිව තිබියදී ජපානයේ ටෝකියෝ ඔලිම්පික් ගම්මානයෙන් කොරෝනා වෛරස ආසාදිතයෙක් හමුවී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.

විදේශයක සිට පැමිණි තරග සංවිධායකවරයෙකු මෙලෙස කොරෝනා වෙරෙස ආසාදිතයකු බවට හඳුනාගෙන ඇති බවයි ටෝකියෝ ඔලිම්පික් බලධාරීන් පවසන්නේ.

ජපානයේ බලධාරීන් ඔහුගේ අනන්‍යතාවය හෙළි කිරීම ප්‍රතික්ෂ්ප කර ඇති අතර ඔහු වහාම ඔලිම්පික් ගම්මානයෙන් ඉවතට රැගෙන ගොස් ඇති අතර කොරෝනා ව්‍යාප්තිය මැඩලීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග තවත් දැඩි කළ බවද බලධාරීන් පවසනවා.

දැඩි ආරක්ෂිත විධිවිධාන ක්‍රියාත්මක වන ඔලිම්පික් ගම්මානය තුළ 18,000කට අධික පිරිසක් නවාතැන් ගැනීමට නියමිත වනවා.

කොරෝනා වසංගතයේ බලපෑමෙන් 2020 ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ වසරකට පසුවයි.

 

You might also like
Comments
Loading...