ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 283,512 දක්වා ඉහළට

0 40

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 283,512ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ කොවිඩ් 19 ආසාදිත තවත් රෝගීන් 1452 දෙදෙනක් ඊයේ(17) දිනයේදී තහවුරු කර ගැනීමත් සමගින්.

මින් ආසාදිතයන් 1447 දෙනෙක් දේශීය හඳුනාගෙන ඇති අතර සෙසු ආසාදිතයන් පස් දෙනා විදේශගතව සිට පැමිණ නිරෝධායනයට ලක්වන පිරිස අතර අතරින් තහවුරු කරගෙන තිබෙනවා.

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවෙන් මේ වන විට රෝගීන් 255,833 දෙනෙක් සුවය ලබා ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 23,977ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

එසේම ඊයේ(17) දිනයේදී තවත් කොවිඩ් මරණ 31ක් තහවුරු කරනු ලැබුවා.

එසේම කොරෝනා රෝගීන් බවට සැක සහිතව රෝහල්ගත කර සිටින රෝගීන්ගේ සංඛ්‍යාව 1179ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

 

 

Hits: 1

You might also like
Comments
Loading...