හක්කපටස් බෝම්බයකට වන අලියෙකු බිලිවෙයි

රොමේෂ් මධුෂංඛ - වන්නි

0 42

මුලතිව් ඔඩ්ඩුසුඩාන් පෙරියකුලම් වෙල්යායේදී හක්කපටස් බෝම්බයක් පිපිරී යාම හේතුවෙන් මියගිය වනඅලියෙකුගේ සිරුරක් ඊයේ (17) දින සොයාගත් බවට මුලතිව් වනජීවි කාර්යාලය පවසනවා.

දින කිහිපයකට පෙර වනඅලියා හක්ක පටස් බෝම්බයකට ගොදුරු වී ඇති අතර පසුව ආහාර ගැනීමට නොහැකිව තුවාලය නරක්වීම හේතුවෙන් වන අලියා මියගොස් ඇති බවට වනජීවි නිලධාරීන් සැකපල කර සිටිනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 08 ක් පමණ වයසැති උස අඩි 6 කට ආසන්න වූ  වන අලියෙකු වන අතර හක්ක පටස් බෝම්බය තිබූ ස්ථානය සහ පුද්ගලයින් කවුරුන්දැයි යන්න මෙතෙක් හඳුනාගැනීමට නොහැකි වූ බවටද වනජීවි නිලධාරීන් පවසනවා.

උතුරු පලාත් වනජීවි පශු වෛද්‍ය බී. ගිරිධරන් ඇතුලු වනජීවි නිලධාරීන් පිරිසක් වනඅලියා මියගොස් සිටි ස්ථානයට ගොස් අවසන් කටයුතු සිදුකිරීමට පියවර ගෙන ඇති අතර හක්ක පටස් බෝම්බය තිබූ පුද්ගලයින් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද මුලතිව් අඩවි වනජීවි කාර්යාලය වැඩිදුරටත් පවසනවා.

Hits: 1

You might also like
Comments
Loading...