මිනී මැරුම් ඇතුලූ අපරාධ රැසකට සම්බන්ධ බව කියන ලලිත් වසන්ත පින්තු නැමැත්තා බේස්ලයින් මාර්ගයේ සීදුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා වෙඩිපහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ විශේෂ කාර්ය බලකා නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදුකිරීමට ගිය සෝදිසි මෙහෙයුමක් අතරතුරදීයි මෙය සිදුවී ඇත්තේ.
එම අවස්ථාවේදී මියගිය පුද්ගලයා ඇතුලූ තවත් දෙදෙනෙක් ගමන්ගත් මෝටර් රථයක් නතර කිරීමට නියෝග කෙරුණද එය නොනවත්වා ධාවනය වීම හේතුවෙන් විශේෂ කාර්ය බලකා නිළධාරීන්ට වෙඩි තැබීමට සිදුව තිබෙනවා.
එහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබු සැකකාර ලලිත් වසන්ත පින්තු නැමැත්තා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය වු ස්ථානයේ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්ද තිබී හමුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස කරුණු පැහැදිලි කලා.
Hits: 2