උදය ගම්මන්පිළ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඔහුට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සම්බන්ධව පුලුල් ලෙස සාකච්ඡා කර නොමැති නමුත් විපක්ෂයට වාසිදායක වන තීන්දුවක් නොගන්නා බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියාසිටියේ.
ඛනිජතෙල් මිල වැඩි කිරීම සම්බන්ධව ගත් තීරණය ඔහුගේ තනි තීරණයක් නොව අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණයක් බව අමරවීර මහතා සඳහන් කලා.
එම අවස්ථාවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද සහභාගි වූ බවත් ගම්මන්පිළ අමාත්‍යවරයාට තනිව වගකීම භාරදිය යුතු නොමැති බවත් පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කලා.
එබැවින් සමස්ත අමාත්‍ය මණ්ඩලයම වගකීම බාර ගත යුතු බවද මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කියාසිටියා.
Hits: 3