ඔලිම්පික් පැමිණි මළල ක්‍රීඩකයන් දෙදෙනෙකුට කොවිඩ්

0 29

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා පැමිණි මළල ක්‍රීඩකයන් දෙදෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් ඔලිම්පික් ගම්මානයේ සිටියදී සිදුකල පරීක්ෂාවලදීයි මේ බව තහවුරු කරගෙන ඇත්තේ.

ඔලිම්පික් ගම්මානයෙන් ක්‍රීඩකයන් ආසාධිතයන් ලෙස හඳුනාගත් පළමු අවස්ථාව මෙයයි.

ඊයේ දිනයේදී ඔලිම්පික් නිලධාරියෙකුද කොවිඩ් ආසාධිතයෙකු ලෙස තහවුරු කරගත් බව ටෝකියෝ තරග සංවිධායකයන් සඳහන් කලා.

අද දිනයේදී කොවිඩ් ආසාධිත බවට හඳුනාගත් ක්‍රීඩකයන් කුමන රටක අය දැයි මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නැහැ.

You might also like
Comments
Loading...