වැල්ලවාය ඇල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රථ වාහනවලින් මෙන්ම විවිධ ප්‍රදේශවලින් රැගෙන එන කැළිකසළ රාවණා ඇල්ල රක්ෂිත ප්‍රදේශයට සහ කිරිඳි ඔය ජලපෝෂක ප්‍රදේශයට බැහැර කිරීම හේතුවෙන් විශාල පරිසර හානියක් සිදු වී ඇති බව වාර්තා වනවා.
මෙම රක්ෂිත ප්‍රදේශය අතිශය සංවේදී පරිසර පද්ධතියක් සහිත ප්‍රදේශයන් වන අතර ශ්‍රී ලංකාවට ආවේණික සමනළුන්, පක්ෂීන් සහ වනසතුන් රැසක්ම මෙම ප්‍රදේශයන් ආශ්‍රීතව ජීවත් වනවා.
එවැනි වටිනා පරිසර පද්ධතියකට ප්ලාස්ටික්, පොලිතීන්, කල් ඉකුත් වූ මිරිස් කුඩු පැකට් ඇතුළු ආහාර ද්‍රව්‍ය, මස් සහ මාළු වෙලදසැල්වලින් ඉවත් කරන අපද්‍රව්‍ය ඇතුළු කැළිකසළ බැහැර කිරීම හේතුවෙන් මෙලෙස දැවැන්ත පරිසර හානියක් සිදු වෙමින් පවතින බවටයි වාර්තා වන්නේ.
මෙම කැලිකසල එම රක්ෂිත ප්‍රදේශයේ සිටින වනසතුන් ආහාරයට ගැනීම නිසා සතුන්ගේ ජීවිතවලටද තර්ජනයක් එල්ල වී ඇති අතර කිරිඳිඔය ජලපෝෂක ප්‍රදේශයද අපවිත්‍ර වීම නිසා එම ජලයටද විෂබීජ එකතු වෙමින් පවතිනවා.
මෙම දැවැන්ත පරිසර හානියට කඩිනමින් විසදුමක් ලබාදීම බලධාරීන් සතු වගකීමක් වනවා.
Hits: 1