මහ මැතිවරණයේ දී නිදහස් පක්ෂ අපේක්ෂකයාට සහාය නොදුන් පළාත් පාලන නියෝජිතයින් 16 කට විනය පරික්ෂණ

ඉන්දික අරුණ කුමාර - නාඋල සහ මහේෂ් කීර්තිරත්න - මාතලේ

0 25

2020 වර්ෂයේ පැවැති මහ මැතිවරණයේ දී මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවන්ට පිටින් වැඩ කළ පළාත් පාලන මන්ත්‍රිවරුන් 16 දෙනෙකු සඳහා විනය පරික්ෂණ පවත්වා ඇති බව වාර්තා වනවා.

චෝදනා ලැබු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රිවරුන් කැදවා ඊයේ (18) මාතලේ දී අදාල පරික්ෂණය පවත්වා තිබෙනවා.

පසුගිය මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සන්ධාන ගතවී මැතිවරණයට තරග කළා.

එහිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නම් කර ඇති මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාට සහාය දක්වා සෙසු අපේක්ෂකයින්ට සහාය දක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින්ට දන්වා තිබේ.

එසේ තිබිය දි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයින්ට සහාය දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාට සහාය නොදැක්වූ පළාත් පාලන නියෝජිතයින් 16 දෙනෙකුගෙන් නිදහසට කරුණු විමසා තිබෙනවා.

මෙහිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නීතිඥ කණ්ඩායමක් සහභාගී වී තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයාගේ ලිඛිත දැනුම්දීමට එරෙහිව කටයුතු කළේයැයි සඳහන් කරමින් කැඳවා තිබූ මෙම පරිකෂණය සඳහා චෝදනා ලැබ ඇත්තේ විලගමුව ප්‍රාදේශීය සභාවේ එක් මන්ත්‍රිවරයෙක්, ලග්ගල ප්‍රාදේශිය සභාවේ එක් මන්ත්‍රිවරයෙක්, නාඋල ප්‍රාදේශිය සභාවේ එක් මන්ත්‍රිවරයෙක්, අඹන්ගග කෝරළේ එක් මන්ත්‍රි වරයෙක්, උකුවෙල ප්‍රාදේශීය සභාවේ එක් මන්ත්‍රිවරයෙක්, මාතලේ මහ නගර සභාවේ එක් මන්ත්‍රිවරයෙක්, මාතලේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන් දෙදෙනෙක්, යටවත්ත ප්‍රාදේශිය සභාවේ එක් මන්ත්‍රිවරයෙක්, පල්ලේපොල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන් දෙදෙනෙක්, ගලේවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් තිදෙනෙක් සහ  දඹුල්ල ප්‍රාදේශිය සභාවේ එක් මන්ත්‍රිවරයෙකි.

මෙම විනය පරික්ෂණයේ දී වැඩිදුරටත් නිදහසට කරුණු ඉදිරිපත් කිරිම සඳහා එළඹෙන අගෝස්තු පළමු වනදාට ලේඛන හා ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරන ලෙන පරික්ෂණ කමිටුව දන්වා තිබෙනවා.

එසේ අපොහොසත් වන පළාත් පාලන සභිකයින්ගේ ධුර අහෝසි වන බව ද මෙහිදි මන්ත්‍රිවරුන්ට දන්වා තිබෙනවා.

 

 

Hits: 2

You might also like
Comments
Loading...