මල්ලාවි නිවසකට ප්‍රහාරයක් – අයෙකු තුවාල ලබයි

මාධව කුලසූරිය - වවුනියාව

0 54

මුලතිව්, මල්ලාවි, පාණ්ඩියන්කුලම ප්‍රදේශයේ නිවසකට පෙරේදා(17) රාත්‍රියේ කිසියම් සිදුකළ ප්‍රහාරයකින් අයෙකු තුවාල ලබා ඇති බව මල්ලාවි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ කිසියම් කණ්ඩායමක් පැමිණ නිවස ඉදිරිපස නවතා තිබු වාහනයකට හා නිවැසියන්ට ප්‍රහාරයක් එල්ලකොට ඇති බවයි.

ප්‍රහාරයෙන් 43 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා මල්ලාවි රෝහලට ඇතුළත් කොට ඇති අතර, ප්‍රහාරයට හේතුව හා ප්‍රහාරය සිදුකළ පිරිස සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය වැඩිදුරටත් පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මල්ලාවි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Hits: 2

You might also like
Comments
Loading...