මාතලේ පාසල් හා ක්‍රිඩාංගණවල යටිතල පහසුකම් නැංවීමට රජයේ අවධානය

ඉන්දික අරුණ කුමාර - නාඋල සහ මොහොමඩ් බුහර්දීන් - ගලේවෙල

0 45

මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් සහ ක්‍රිඩ‍ෙපිටිවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරනා බව තරුණ හා ක්‍රිඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය  නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ කෝවිඩ් එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය නිරික්ෂණය සඳහා එක්වීමෙන් පසු මාතලේ – ගලේවෙල අධ්‍යාපන කළාපයට අයත් ගලේවෙල මහ විද්‍යාල පරිශ්‍රය නිරික්ෂණයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අද(19) කියා සිටියා.

මෙම සංචාරයට අමතරව ගලේවෙල මහජන ක්‍රිඩාංගනය ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නිරික්ෂණයට ලක්වූවා.

එම ක්‍රිඩාංගණයේ යටිතල පහසුකම් නැංවීම, ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරිම ආදී කරුණු සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා සිය අවධානය යොමු කර තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් (පොජපෙ) මහත්වරු ඇතුළු ප්‍රාදේශීය දේශපාලකයින් රැසක් එක්ව සිටියා.

 

Hits: 0

You might also like
Comments
Loading...