කොළඹ නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල ජනයාගෙන් 20% – 30%කට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට සැකයක්

0 82

කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවගෙන් සියයට විස්සක, තිහක ප්‍රතිශතයකට ‘ඩෙල්ටා ප්‍රභේදය’ ආසාදිත වී ඇතැයි සැකකළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. 

පසුගිය 15 වැනිදා මෙරටින් තවත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් 19 දෙනෙකු තහවුරු කරගත් අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඒ අනුව මෙරටින් වාර්තා වන ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන්ගේ සමස්ත ප්‍රමාණය 38ක්. 

ගාල්ල, මාතර, කොළඹ, යාපනය සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවලින් මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් වාර්තා වී තිබෙනවා.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ තහවුරු කරගන්නා ලද ඩෙල්ටා ආසාදිතයන් ප්‍රමාණයට වඩා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් සමාජයේ සිටිය හැකි බවයි.

එම නිසා සෑමවිටම නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් කටයුතු කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Hits: 2

You might also like
Comments
Loading...