කිලිනොච්චියේ චීන සමගාම් පවත්වාගෙන යන මුහුදු කූඩැල්ලන්ගේ ගොවිපළ අල්ලසක් ද?

0 47

චීන සමාගමක් විසින් කිලිනොච්චිය කවුදාරි මුනෙයි මුහුදේ ඉදිකර ඇති නීතිවිරෝධි මුහුදු කූඩැල්ලන් ගොවිපළ පිළිබඳව මේ දිනවල කථාබහට ලක්ව තිබේ.

මෙම ගොවිපළ ඉවත් කර ගැනීමට ප්‍රදේශයේ ධීවරයින් විසින් ධිවර අමාත්‍යවරයාට දින 15ක කාලයක් ලබාදී ඇති පසුබිමක අදත් මාධ්‍ය හමුවලදී මේ පිළිබදව අදහස් පළ විය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පැවසුවේ, අනුමැතියකින් තොරව කිලිනොච්චියේ මුහුදු කූඩැල්ලන් ගොවිපක් ආරම්භ කර ඇති චීන ජාතිකයින් වහා අත්අඩංගුවට ගත යුතු බවයි.

”තිස්සමහාරාමය වැවේ නිසි අවසරයකින් තොරව චින ජාතිකයන් කැනීම් සිදුකළා.

මේ නිතී විරෝධි කටයුත්ත හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරයි කියලා හැමෝම බලාපොරොත්තුවුනේ.

නමුත් යලිත් ඔවුන් ඒ කටයුත්ත කරන්න අවසර දිලා තියෙනවා.

දැන් චීන ජාතිකයින් කිලිනොච්චියට ඇවිල්ලා මුහුදු කූඩැල්ලන් ගොවිපලක් අනුමැතියකින් තොරව ආරම්භ කරලා තියෙනවා. ඔවුන් වහා අත්අඩංගුවට ගතයුතුයි.

තිස්සමහරාමයේදී සිදුවුණු වගේම මොවුන්ටත් අවසර දිලා ඒ නීතිවිරෝධි කටයුත්ත ඉදිරියට කරගෙන යාමට ආණ්ඩුව කටයුතු කරයි කියලයි අපි හිතන්නේ.

රටේ නීතිය දෙවිදිහකට ක්‍රියාත්මක වනවා. ඇමතිවරුන්ට එක නීතියක් විපකෂයට තවත් නීතියක්.

එකම රටක් එකම නීතියක් කියලයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ආවේ. දැන් නීති 10 කට වඩා ක්‍රියාත්කම වනවා”

මේ අතර උතුරු පළාත් ධීවර එකමුතුවේ එන්.වී. සුබ්‍රමනියම් පැවසුවේ, චීන ජාතිකයන් එම ස්ථානයෙන් ඉවත් කර මෙරට ධීවරයන්ට අවස්ථාව ලබාදිය යුතු බවයි.

”අපි යම් කිසි තැනක මුහුදු කූඩැල්ලන් අල්ලන්න යනවා නම්, ආණ්ඩුවෙන් අවසර ගන්න ඕනේ.

නැප්තා ආයතනයෙන් අනුමැතිය ගන්න ඕනේ.

ධීවර දෙපාර්තමේන්තුවෙන් අවසර ගන්න ඕනේ.

දැන් ඒ ගමේ ජනතාවගේ විරුද්ධත්වය මධ්‍යයේ මුහුදු කූඩල්ලන් ඇති කරනවා.

විදේශිකයන්ට මේ කටයුත්ත භාරදීමෙදී රහසිගතව අල්ලස් දීමක් සිදුවුණා ද කියලා සැකයක් මතුවෙනවා.

මෙම කටයුත්තනේ ලාභය උපයන අය අපේ සමහර නායකයන්ට ඇමතිවරුන්ට ආණ්ඩුවට අල්ලස් දෙන්න ඇති.

නැත්නම් අත්තනෝමතිකව චකිතයකින් තොරව මේ ගොවිපළ පවත්වාගෙන යන්න බැහැ.

චීන ජාතිකයන් එතනින් ඉවත් කරලා අපේ රටේ ධීවරයන්ට අවස්ථාව ලබාදිය යුතුයි”

 

Source : Newsfirst.lk

Hits: 2

You might also like
Comments
Loading...