ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ඇරඹෙයි

0 35

අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබෙනවා. 

පෙරවරු 10 සිට පස්වරු 5.30 දක්වා එම විවාදය පැවැත්වෙන අතර හෙට 2වන දිනයටද විවාදය පවත්වා පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතයි.

ඉන්ධන මිල ඉහළ නැංවීමට එරෙහිව සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අතර එම විශ්වාසභංග යෝජනාව පරාජය කළ යුතු බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (18) ඒකමතිකව තීන්දු කළා. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ රැස්වූ අවස්ථාවේදී මෙම තීන්දුවට එළැඹුණු බවයි වාර්තා වන්නේ. 

විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙන දින දෙකේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලුදෙනාට පාර්ලිමේන්තු පැමිණීම සහ විවාදය අතරතුරේ සභා ගර්භයේ රැඳී සිටීම අනිවාර්ය කිරිමටත් තීරණය කර තිබෙනවා.

තෙල් මිල වැඩිවීම සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කොට ඇති අතර මේ අවස්ථාවේදී ආණ්ඩුව මෙන්ම ගම්මන්පිල ඇමැතිවරයා ද ආරක්ෂා කිරීමට නම් විශ්වාසභංග යෝජනාව පරාජය කළ යුතු බවට අදහස් පළවී තිබෙනවා.

සමඟි ජනබලවේගය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇති අතර මෙම අවස්ථාවේදී උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයගැනීමට විපක්ෂයට කිසිසේත් ඉඩ නොතැබිය යුතු බවත් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. 

Hits: 2

You might also like
Comments
Loading...