97,699 දෙනෙක්ට මොඩර්නා එන්නත ලබාදෙයි

0 28

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 97,699 දෙනෙකුට ඊයේ(19 දිනය තුළ ලබාදී තිබෙනවා. 

ඒ අනූව, මේ දක්වා මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ත පුද්ගලයින් ගණන 107,787ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ අතර තවත් පුද්ගලයින් 104,617 දෙනෙකුට සයිනොෆාම් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී ලබාදී තිබෙනවා.

ඒ අනුව, මේ දක්වා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 4,635,090ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ අතර ඊයේ(19) දිනයේදී තවත් පුද්ගලයින් 10,997 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඇති අතර මේ දක්වා එම එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,297,337 ක්.

Hits: 2

You might also like
Comments
Loading...