ඩෙල්ටා ප්‍රභේදය වසංගතයක් ලෙස මෙරට පැතිරයාමේ අවදානමක්

0 26

‍ෙඩෙල්ටා ප්‍රභේදය ආසාදිත 35 දෙනකු පමණ මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළත් සත්‍ය ලෙසම හඳුනා ගෙන ඇති ඩෙල්ටා ආසාදිතයන් ප්‍රමාණය 250 ක් පමණ විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

එමනිසා කොවිඩ් – ඩෙල්ටා ප්‍රභේදය ඉදිරි දින කිහිපයේදී වසංගතයක් ලෙස මෙරට පැතිරයාමේ අවදානමක් ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

වැඩිදුරටත් කරුණු දක්වන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේද කියා සිටියා.

මෙවැනි අවදානමක් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින කාලයක සංචරණ සීමා ඉවත් කිරීමට වගකිවයුතු අංශ කටයුතු කිරීමත්, ජනතාව වගකීමකින් තොරව හැසිරීමත් කනගාටුදායක තත්ත්වයක්.

පවතින තත්ත්වය අනුව ඉදිරි කාලයේදී දරුවන් පවා මෙම ව්‍යසනයට ගොදුරු විය හැකියි.

ඒ සම්බන්ධයෙන් අප වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා.

මෙම තත්ත්වයේ බැරෑරුම් බව රජය මෙන්ම මහජනතාවද අවබෝධ කර ගත යුතු වනවා.

දිනපතා වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය අඩුවක් ඇති බව බලධාරීන් ව්‍යාජ තොරතුරු පවසනවා.

වාර්තා වන කොවිඩ් මරණ ප්‍රමාණය අනුව ඇති අවදානම් තත්ත්වය මනාව අවබෝධ කර ගත යුතු බවද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියා.

Hits: 4

You might also like
Comments
Loading...