2022 ජනවාරි සිට ෂොපිං බෑග් තහනම පළමු අදියර ආරම්භ කිරීමට පියවර

0 48

2022 ජනවාරි මස සිට ෂොපිං බෑග් තහනම පළමු අදියර ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

පරිසර අමාත්‍යාංශය විසින් මෙරට පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළ යටතේ සිලි සිලි බෑග් (ෂොපිං බෑග්, ග්‍රොසරි බෑග්) භාවිතය තහනම් කිරීමට යෝජිතයි.

ඒ අනුව අදියර දෙකක් යටතේ සිලි සිලි බෑග් තහනම් කිරීමට මේ වනවිට අවධානය යොමු කර තිබෙන අතර එහි පළමු අදියර 2022 ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබෙනවා.

අපේ රටේ වාර්ෂික සමස්ත සිලි සිලි බෑග් භාවිතය බිලියන 02ක ඉක්මවා ගොස් තිබෙනවා.

පරිසර අමාත්‍යාංශය විසින් එකතු කරන ලද දත්ත අනුව මෙරට සුපිරි වෙළෙදසැල් ජාලයට අයත් සමාගම් ජාල දෙකක් විසින් වර්ෂයකට පාරිභෝගිකයින්ට නොමිළයේ නිකුත් කරන සිලි සිලි බෑග් ප්‍රමාණය කෝටි 100කි.

එක් සුපිරි වෙළෙඳසැල් ජාලයකට අයත් එක් සාප්පුවකින් පමණක් දිනකට නිකුත් කරන ෂොපිං බෑග් ප්‍රමාණය ලක්ෂ 05කි.

ඒ අනුව අපේ රටේ සෙසු සියලු වෙළෙඳ ආයතනවලින් නිකුත් කරන ෂොපිං බෑග් ප්‍රමාණය ගත් කළ බිලියන 02 ඉක්මවන බව පැහැදිළි වනවා.

ගැටළුව වන්නේ සිලි සිලි බෑග් කිසිසේත්ම නැවත නැවත භාවිතා නොකිරිමයි.

මේවා පාවිච්චි කරන්නේ එක් වතාවක් පමණි. එමෙන්ම එක්වරක් භාවිතයෙන් පසු ඉවත ලන සිලි සිලි බෑග්වලින් සියයට 100ක්ම පරිසරයට බැහැර කරන අතර ඒවායින් සියයට 01ක්වත් ප්‍රතිචක්‍රියකරණයට යොදා ගන්නේ නැත.

එමනිසා එක්වරක් පමණක් භාවිතා කරන මෙම සිල සිලි බෑග් අදියර දෙකක් යටතේ තහනම් කිරීමට නියමිතය.

මෙහි පළමු අදියර 2022 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව අගල් 10ක් පළළ, අඟල් 05ක් ගැඹුර හා අඟල් 16 උසින් යුත් ප්‍රමාණය හා ඊට අඩු සියලුම ෂොපිං බෑග්, ග්‍රොසරි බෑග් පළමු අදියරේ දී තහනම් කිරීමට සැලසුම් කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙහිදී ඉහත සඳහන් කළ ප්‍රමාණයේ හැඩලය සහිත හා රහිත සියලුම සිල සිලි බෑග් තහනම් කිරීමට නියමිතය.

මෙම බෑග් වෙනුවට ආදේශක හඳුන්වා දීමට දැනට කටයුතු කරමින් සිටින අතර විකල්ප තිබුනත් නැතත් මෙම තහනම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවසීය.

විශේෂයෙන්ම රටේ මහජනතාවට පාරිසරික හා සෞඛ්‍යමය වශයෙන් එල්ල වී ඇති තර්ජනය සළකා බලමින් මෙම පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පවසයි.

Source : NewsRadio.lk

Hits: 0

You might also like
Comments
Loading...