රිෂාඩ්ගේ ගෙදරදී මියගිය මෙහෙකාර දැරියට දිගින් දිගටම ලිංගික අතවර

0 18

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලී මියගිය බාලවයස්කාර දැරිය කාලාන්තරයක් තිස්සේ ලිංගික අතවරයට ලක්ව සිටි බවට අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇතැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ බොරැල්ල පොලීසිය ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ සඳහන්ව තිබෙනවා.

විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්. එන්. රුහුල් හක් මහතාගේ අත්සනින් යුතුව එම වෛද්‍ය වාර්තාව බොරැල්ල පොලීසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මරණයට පත්වූ දැරිය අඩන්තේට්ටම්, පහරදීම් ආදියට ලක්ව නොමැති අතර, සිරුරට ගිනි ඇවිලීමෙන් මතුපිට සම 72% කට වඩා වැඩි ප‍්‍රමාණයක් පිළිස්සී විනාශ වී ඇති බව ද එම වෛද්‍ය වාර්තාවේ සදහන්.

මෙම දැරිය ගර්භණීභාවයෙන් තොරව කාලාන්තරයක් තිස්සේ ලිංගික අතවරයට පත්ව ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

එසේම, දැරිය මියගොස් ඇත්තේ ගින්නෙන් ඇතිවූ බාහිර පිළිස්සීම් තුවාල විෂබීජ ආසාදනයක් හේතුවෙන් හටගත් කම්පනයෙන් බවද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිය වාර්තාවෙන් දක්වා තිබෙනවා.

දුරකතන වාර්තා 06ක්, දැරිය ප‍්‍රතිකාර ලැබූ කොළඹ ජාතික රොහලේ ඇඳ ඉහපත් අංකයට අදාළ වාර්තාවන් සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පාර්ශ්වයෙන් දැරියගේ ගිණුමට මුදල් ලබාදුන් බැංකු වාර්තා ලබාගැනීම සඳහා පොලිසිය කළ ඉල්ලීමට අධිකරණයේ අවසරය ලැබී තිබෙනවා.

Hits: 2

You might also like
Comments
Loading...