සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සමත්වූවා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කරනු ලැබුවේ.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 26ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 126ක් ලබාගැනීමට සමත්ව සිටියා.
ඒ අනුව ආරම්භක පිතිකරුවන් වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50කටද මිනෝද් බානුක ලකුණු 36කටද දැවී ගියා.
බානුක රාජපක්ෂට ලකුණු ලබාගැනීමට අවස්ථාවක් උදාවූයේ නැහැ.
නොදැවී පන්දුවට පහර දෙන ධනංජය ද සිල්වා ලකුණු 27ක් ලබා සිටිනවා.
පන්දුවට පහරදීමට පැමිණි නවක ක්‍රීඩකයා වන්නේ චරිත් අසලංකයි.
පන්දු යැවීමේ ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් යුස්වේන්ද්‍ර චාහල් පන්දුවාර පහකදී නිලකුණු පන්දුවාරයක්ද සමගින් ලකුණු 18කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත්ව සිටින අතර බුව්නේෂ්වර් කුමාර් පන්දුවාර පහකදී ලකුණු 21කට කඩුල්ලක් දවා ගැනීමට සමත්ව සිටිනවා.
Hits: 1