හජ් උත්සවය අදයි

0 65

මුස්ලිම් බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරණ ඊද් උල් අල්හා හෙවත් හජ් උත්සවය අද (21 වැනිදා) යෙදී තිබෙනවා.

ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ දුල් හිජ් මාසයේ 10 වැනි දිනට උදාවන මෙම උත්සවය ලෝකයේ බොහෝ රටවල්වලට උදා වී තිබුණේ ඊයේ (20)යි.

ශාරීරික ශක්තිය හා මූල්‍යමය හැකියාවන් ඇති මුස්ලිම්වරුන් ඔවුන්ගේ ජීවිත කාලයේ එක් වරක් හෝ ඉටු කිරීමට බැඳී සිටින දින පහක වන්දනා ගමනක් වන හජ් වන්දනාවේ අවසානය, මෙම උත්සවයෙන් සනිටුහන් කරනු ලබනවා.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව දිවයිනේ මුස්ලිම් දේවස්ථානවලදී විශේෂ දේව වන්දනය හා දේශනය සිදුකෙරෙන බවයි මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.බී.එම්. අන්වර් මහතා පවසනවා.

සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව පවුල්වලට පමණක් සීමා වී උත්සවය සමරණ ලෙසත් සිප වැලඳගැනීම් නොකරන ලෙසත් ජමියතුල් උලමා සංවිධානය ද මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම හජ් උත්සවය නිමිත්තෙන් දෙවියන් උදෙසා සිදුකරනු ලබන සත්ව බිලිදීම් කිසිදු මුස්ලිම් දේවස්ථානයක නොකරන ලෙසට ද මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තුමේන්තුව සියලු දේවස්ථාන වෙත උපදෙස්දී තිබෙනවා.

මුස්ලිම් ජනතාවගේ හජ් උත්සවය අද සිට දින තුනක් මෙම දානමය කටයුත්ත සිදු කළ හැකි නමුත් මෙවර 23 වනදා පෝය දිනයක් වන බැවින් එය දින දෙකකට පමණක් සීමාවනවා.

Hits: 2

You might also like
Comments
Loading...