ඩෙවොන් දිය ඇල්ලෙන් පහලට වැටි අතුරුදහන් වු තරුණිය සොයා තවදුරටත් මෙහෙයුම්

රංජිත් රාජපක්ෂ - හැටන්

0 39

ඩෙවොන් දිය ඇල්ල නැරඹීමට ගොස් ඡායාරුපයක් ගැනීමට උත්සහ කිරීමේදි දිය ඇල්ලට වැටී අතුරුදහන් වූ තලවකැලේ ලිඳුල වොල්ට්‍රිම් වත්තේ ලෙන් තොමස් කොටසේ පදිංචිව සිටි 19 හැවිරිදි මනි පවිත්‍රා තරුණිය සොයා තුන්වන දිනටත් අද (21) දින මෙහෙයුම් දියත් කරන බව දිඹුල පොලිසිය පවසනවා.

යුධ හමුදාව, නාවික හමුදාව, නුවරඑලිය පොලිස් කොට්ඨාශ ජිවිත ආරක්ෂක නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව තරුණිය අතුරුදහන් වූ 18 දින සිට මෙහෙයුම් දියත් කර තිබූ අතර එම මෙහෙයුමේදි අතුරුදහන් වූ තරුණිය සොයා ගැනීමට නොහැකි වූ නිසා සෝදිසි මෙහෙයුම් තාවකාලිකව නතර කරනු ලැබුවා.

අඩි 297 උස ඇති ඩෙවොන් දිය ඇල්ලේ ජල ධාරිතාව ඉහල මට්ටමක පැවතීම සහ පහළට ඇද හැලෙන සැඩ පහරේ වේගය වැඩි නිසා අතුරුදහන් වූ තරුණිය සොයා සිදු කරන මෙහෙයුම්වලට බාධා පැමිණෙන බවයි දිඹුල පොලිසිය කියා සිටියේ.

අතුරුදහන් වු තරුණිය ඉකුත් 18 දින ඇයගේ යෙහෙලියන් තිදෙනෙකු සමග ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට පැමිණ දිය ඇල්ලට ඉහලින් ගල් තලාව මතට බැස ඇයගේ ඡායාරුපයක් ගන්නා ලෙස යෙහෙලියන්ට පවසා ගල් තලාව මත සිටියදි ඇය ලිස්සා ඩෙවොන් දිය ඇල්ලට ගසාගෙන ගොස් අතුරුදහන් වී තිබෙනවා.

අතුරුදහන් වූ තරුණිය අවසන්වරට යෙහෙලියන් සමග ඇයගේ දුරකථනයෙන්  ලබාගත් සෙල්ෆි ඡායාරුප කිහිපයක්ද මෙසේ සටහන් වී තිබුණා.

Hits: 0

You might also like
Comments
Loading...