මින් පසු වී සහ සහල් මිල තීරණය කරන්නේ ආණ්ඩුවෙන් 

0 33

ඉදිරි සති 2 තුළ රටේ සියලු සහල් මෝල් හිමියන් සමඟ ගිවිසුමකට එළඹෙන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20)  කියා සිටියා.

වී සහ සහල් මිල ඉදිරියේදී තීරණය කරන්නේ ආණ්ඩුව බවත් වැඩි මිලට සහල් විකුණන වී මෝල්කරුවන්ට උපරිම දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවද ඇමතිවරයා සඳහන් කර සිටියා.

වී මිල වැඩි නොකර පනහයි පනස් දෙකේ සීමාවේ සිටින බවට අත්සන් කිරිමට‍ නියමිත ගිවිසුම මගින් සහතිකයක් ලබා ගන්නා බවත් ඇමතිවරයා ප්‍රකාශ කරනවා.

එක් එක් පුද්ගලයන්ට, මෝල්කරුවන්ට අවශ්‍ය පරිදි වී සහ සහල් මිල තීරණය කිරීමට ඉඩ නොදෙන අතර වැඩි මිලට සහල් අලෙවි කළහොත් ලැබෙන 2500 දඩය රුපියල් ලක්ෂය දක්වා වැඩි කළ බවද ඇමතිවරයා අවධාරණය ‍කළා.

සහල් මිල සම්බන්ධයෙන්ද පාරිභෝගික අමාත්‍යවරයා, කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව මෝල් හිමියන් සමඟ ඉදිරි සති දෙක තුළ මෙම ගිවිසුමකට එළඹෙන බවද ඇමැතිවරයා කියා සිටියා.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සමඟි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Hits: 1

You might also like
Comments
Loading...