වගා ළිදකට වැටුණු වනඅලියා වනජීවි නිලධාරීන් විසින් ගොඩටගනී

ජයන්ත වීරසේකර - වැල්ලවාය

0 32

ඇතිමලේ කොටියාගල වනජීවි කලාපයට අයත් වරාකනත්ත ප්‍රදේශයේ වගා ළිදකට වැටී සිටි වනඅලියෙකු ගොඩට ගෙන රක්ෂිතයට මුදාහැරීමට කොටියාගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

ලද තොරතුරක් අනුව වනජීවි නිලධාරීන් විසින් මෙම අලියා ගොඩට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර එලෙස වගා ළිදට ඇද වැටුනු අලියා වයස අවුරුදු විස්සත් විසිපහත් අතර වයසක පසුවන බව වනජීවි නිලධාරීන් පවසනවා.

අඩි දහයක් පමණ ගැඹුරු ළිදක සිටි මෙම අලියා බේරාගැනීමට පැය දහයක පමණ දුෂ්කර මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට වනජීවි නිලධාරීන්ට සිදු වූ අතර ගොඩට ගත් වනඅලියා නිරුපද්‍රිතව රක්ෂිතයට මුදාහැර තිබෙනවා.

Hits: 0

You might also like
Comments
Loading...