වතුකරයේ ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් ප්‍රධාන ආගමික යාඥාව හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේදි පවත්වයි
රංජිත් රාජපක්ෂ - හැටන්
ඉස්ලාම් භක්තිකයන්ගේ අදට (21) යෙදී ඇති හජ් උත්සවයේ වතුකරයේ ප්‍රධාන යාඥාව හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ ප්‍රධාන මවුලවි අස්තාර් මවුලවිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මුස්ලිම් පල්ලියට භක්තිකයන් ඇතුල් කර ගත් අතර පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් ප්‍රධාන යාඥාව පවත්වා තිබෙනවා.
හජ් උත්සවයේ ප්‍රධාන යාඥාවට සීමිත ඉස්ලාම් බැතිමතුන් පිරිසක් හැටන් ජුම්මා පල්ලියට ඇතුලත් කරගැනිමට එහි භාරකාර මණ්ඩලය කටයුතු කර තිබුණා.
Hits: 0