කැස්බෑවේ ඇඟලුම් කම්හලකින් ඩෙල්ටා ආසාදිතයන් හමුවෙයි

0 62

කැස්බෑව ජඹුරලිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් ඩෙල්ටා ආසාදිතයින් 5 දෙනෙකු ඇතුළු කොවිඩ් ආසාදිතයින් 120 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණ කරනවා. 

අදාළ ඇඟලුම් කර්මාන්තශාලාවේ පුද්ගලයින් 186 දෙනෙකුට සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ මඟින් 120 දෙනෙකුම කොවිඩ්-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

එය සියයට 64.5ක ආසාදිතයින් වාර්තාවීමේ ප්‍රතිශතයකි.

ඉකුත් දින කිහිපය තුළ එම කම්හල් 166 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබූ අතර ඉන් 109 දෙනෙකු ආසාදිතයින් ලෙස වාර්තා වී තිබුණා.

තවත් 20 දෙනෙකුගේ සාම්පල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබූ අතර ඉන් 11 දෙනෙකුද වෛරසය ආසාදිතයින් ලෙස තහවුරු වූවා.

එම 11 දෙනා අතරින් අහඹු ලෙස තෝරාගත් 6 දෙනෙකුගේ සාම්පල පරීක්ෂාවෙන් 5 දෙනෙකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් බවට මූලික වාර්තා ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බවද සෞඛ්‍ය අංශ පවසනවා. 

Hits: 2

You might also like
Comments
Loading...