යාපනය, ඉනුවිල් ප්රදේශයේදී 20වන දින රාත්රියේ කිසියම් කණ්ඩායමක් නිවසකට පැමිණ නිවසේ සිටි පිරිමි පුද්ගලයෙකුට හා කාන්තාවකට කැපුම් තුවාල සිදුකොට ඇති බව කෝපායි පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ කිසියම් කාරණාවකට නිවසකට ඇතුළුවූ කණ්ඩායමක් අදාළ නිවසේ පිරිමි දරුවා සම්බන්ධයෙන් විමසා දරුවා නිවසේ නොමැති බව පැවසු පියෙකුට හා මවකට පහරදි කැපුම් තුවාල සිදුකොට ඇති බවයි.
සිදුවීමෙන් තුවාල ලැබු දෙදෙනා ප්රතිකාර වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය සඳහන් කළා.
පෞද්ගලික ආරවුලක් මත ගැටුම සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන අතර, ප්රහාරය සිදුකළ පිරිස සොයා පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Hits: 0