මොඩර්නා එන්නත ගැන අසත්‍ය පතුරන අය සොයා CID පරීක්ෂණ

0 22

මොඩර්නා එන්නත ශරීරයට අහිතකර බවත් එහි නැනෝ තාක්ෂණය අඩංගු බවටත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ඇතැම් අසත්‍ය කරුණු සංසරණය වන බවට මහනුවර මහ රෝහලේ නීති වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි. 

මොඩර්නා එන්නත මේ දිනවල මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් ජනතාවට ලබාදෙන බවත් එවන් අවස්ථාවක ජනතාව අතර එන්නත්කරණයට ඇති විශ්වාසය පළුදු කිරීමේ අදහසින් මෙම අසත්‍ය ප්‍රචාර සිදුකරන බවත් වෛද්‍යවරයා සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීමට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ මහනුවර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කරමින් සිටිනවා.

Hits: 0

You might also like
Comments
Loading...