මොඩර්නා එන්නත් මාත්‍රා දෙකම එකම දිනයේ කතකට ලබාදීම ගැන පරීක්ෂනයක්

0 32

මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකම එකවර පේරාදෙණිය ප්‍රදේශයේ සිව්දරු මවකට ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා පවසනවා.

ඔහු පැවසුවේ එම කාන්තාව එන්නත ලබාගත් එන්නත්කරණ මධ්‍යස්ථානයේ කටයුතු භාරව පවතින ගඟවට කොරළයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවයි.

උඩපේරාදේණිය ප්‍රදේශයේ එන්නත්කරණ මධ්‍යස්ථානයක දී අදාළ කාන්තාවට මොඩර්නා කොවිඩ් මර්දන එන්නත එකම දිනයේ දෙවතාවක් ලබාදී තිබූ අතර මේ වන විට ඇය පේරාදේණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

Hits: 0

You might also like
Comments
Loading...