සිය ආරක්ෂාව වෙනුවෙන් දිවිදුන් පොලිස් නිළධාරියාගේ සිව්වන ගුණ සැමරුම සිදු කළ හිත හොඳ මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන්
මාධව කුලසූරිය - වවුනියාව
යාපනය මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කළ එම්. ඉලන්චේලියන් මහතා ඉලක්ක කර ගනිමින් 2017 ජුලි මස 22 වැනිදා සිදුවු ප්‍රහාරයෙන් ඉලන්චේලියන් මහතා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දිවිදුන් පොලිස් සැරයන් ජි.එච්. සරත් හේමචන්ද්‍ර මහතාගේ සිව්වන ගුණ සැමරුම සිදුකිරීමට මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතා ඊයේ(21) කටයුතු කොට තිබුණා.
යාපනය නල්ලූර් ප්‍රදේශයේදී 2017 ජුලි 22 වැනිදා ඉලන්චේලියන් මහතා ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදුවු අතර, අදාළ ප්‍රහාරයේදී ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි සරත් හේමචන්ද්‍ර මහතා ජිවිතක්ෂට පත්වූවා.
ප්‍රහාරයෙන් සරත් හේමචන්ද්‍ර මහතා ජිවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව එවක ඉලන්චේලියන් මහතා සංවේදීව කටයුතු කළ ආකාරය සෑම මාධ්‍යයකම ප්‍රචාරය වූවා.
ජිවිතක්ෂයට පත්වු සරත් හේමචන්ද්‍ර මහතාගේ සිව්වන ගුණ සැමරුම වෙනුවෙන් ඉලන්චේලියන් මහතා සරත් හේමචන්ද්‍ර මහතා මිහිදන් කොට ඇති සොහොන වෙත ගොස් පහන් දල්වා සැමරුමක් සිදුකොට ඇති බව මහාධිකරණ විනිසුරුවරයාගේ හිතවාදීන් කියා සිටියා.
ඉලන්චේලියන් මහතා තම ආරක්ෂාව වෙනුවෙන් දිවිදුන් පොලිස් නිළධාරියාගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සියළු සහයෝගය ලබාදීමට කටයුතු කරමින් සිටින බවද මහාධිකරණ විනිසුරුවරයාගේ හිතවාදීන් පවසනවා.
Hits: 0