යාපනයේ වෙළඳසැළකට ගිනි තබලා

මාධව කුලසූරිය - වවුනියාව

0 19

යාපනය, කොක්කුවිල්, කුලප්පටිටි මංසන්ධිය ආසන්නයේ වෙළඳ සැළකට කිසියම් කණ්ඩායමක් ඊයේ(21) රාත්‍රියේ ගිනි තබා ඇති බව යාපනය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ අදාළ වෙළඳසැළ වසා දැමීමට සුදානම් වන අවස්ථාවේ කිසියම් කණ්ඩායමක් පැමිණ ගිනි තැබීමක් සිදුකොට පළාගොස් ඇති බවයි.

සිදුවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, වෙළඳ සැළ තුළ පැවති රෙදි පිළි හා භාණ්ඩ කිහිපයක් ගිනිගෙන ඇති බවද පොලිසිය සඳහන් කළා.

අදාළ සිද්ධිය කුමන හේතුවක් මත සිදුවුවේද යන්න සොයා පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය කියා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Hits: 0

You might also like
Comments
Loading...