යුද හමුදා සෙබලෙකු වෙඩි තබාගෙන සියදිසි හානි කරගනියි

රොමේෂ් මධුෂංඛ - වන්නි

0 9

යාපනය නාවට්කුලි යුදහමුදා කඳවුරේ සෙබලෙකු අද (22) උදෑසන සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි චාවකච්චේරි පොලීසියි පවසනවා.

මෙලෙස සියදිවි හානි කොට ගෙන ඇත්තේ නාවට්කුලි යුද හමුදා කඳවුරේ 12 වන ගැමුනු හේවා බලකායට අනුයුක්ත කොට සිටි සෙබලෙකු වන බවටද යුද හමුදා පොලීසිය දැනුම් දී තිබෙනවා.

මියගිය යුද හමුදා සෙබලා මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ඊයේ රාත්‍රියේ මුර සේවය සඳහා ගොස් අද අලුයම් කාලයේදී මුරකුටියේදී සිය රාජකාරී ගිනි අවියෙන්ම වෙඩිතබාගෙන සිය දිවි හානිකරගෙන ඇතැයි මූලික පරික්ෂණවලදී හෙලි වී තිබෙනවා.

මිය ගිය යුද හමුදා සෙබලා වෙඩි තබාගැනීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර පෞද්ගලික හේතුවක් විය හැකි බවට සැක පල කරන්නේයැයි පරික්ෂණ සිදුකරන චාවකච්චේරි පොලීසිය සහ යුදහමුදා පොලීසිය වැඩිදුරටත් පවසනවා.

You might also like
Comments
Loading...