වැලිකඩ බන්ධනාගාරගතව සිටියදී කළු ජුලිය සමයේ ජිවිතක්ෂයට පත්වු දෙමළ නායකයින් සමරයි

මාධව කුලසූරිය - වවුනියාව

0 37

කළු ජුලිය සමයේ වැලිකඩ බන්ධනාගාරගතව සිටියදී ජිවිතක්ෂයට පත්වු දෙමළ ජනතා නියෝජිතයින් ලෙස සළකන පිරිසක් සැමරීමේ 38 වන ගුණ සැමරුම වැඩසටහනක් යාපනය පිහිටි දෙමළ ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ(25) පවත්වා තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරගතව සිටියදී කළු ජුලිය සමයේ 1983 ජුලි 25 වැනිදා ජිවිතක්ෂයට පත්වූ බවට සැළකෙන නඩරාජා තංගදුරෙයි, සෙල්වරාජ් යෝගචන්ද්‍රන් නොහොත් කුට්ටමනි ඇතුළු දෙමළ දේශපාලන සිරකරුවන් 35 දෙනෙකු එහිදි ජිවිතක්ෂයට පත්වු බව දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් පවසනවා.

කළු ජුලිය සමයේ 1983 ජුලි 27 වැනිදාද වැලිකඩ බන්ධනාගාරය වෙත එල්ල වු ප්‍රහාරයකින් දෙමළ දේශපාලන සිරකරුවන් 17 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබු බවද වාර්තා සඳහන් කරයි.

ජිවිතක්ෂයට පත්වු දෙමළ දේශපාලන සිරකරුවන් සිහිකරමින් පහන් දල්වා, මල් පුජා කොට සැමරුම පවත්වා තිබෙනවා.

දෙමළ ජාතික පක්ෂයේ නායක එස්. ශ්‍රිකාන්ත මහතා හා පක්ෂයේ ලේකම් උතුරු පළාත් හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා ඇතුළු පිරිසක් සැමරුම වෙනුවෙන් එක්ව තිබෙනවා.

පවතින සෞඛ්‍ය වසංගත තත්වය හමුවේ පක්ෂයේ නියෝජිතයින් සීමිත පිරිසක් පමණක් ගුණ සැමරුම වෙනුවෙන් එක්ව සිටියා.

Hits: 2

You might also like
Comments
Loading...