2021 සාමාන්‍ය පෙළ විභාගය කල් දැමේ

0 11

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරීස් මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට අද(26) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඒ අනුව, 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 පෙබරවාරි 21 වන දා සිට මාර්තු 3 වන දා දක්වා පැවැත්වීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. 

එසේම පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

2021 වසර සඳහා වූ සමාන්‍ය පෙළ විභාගය පැවත්වීම සඳහා මීට පෙර දින නියම කර තිබුණේ 2022 වසරේ ජනවාරී මාසයේදීයි.

You might also like
Comments
Loading...