රංගන ශිල්පිනී උපේක්ෂා ස්ර්ණවාලි අත්අඩංගුවට

0 131

රිය අනතුරක් සම්බන්ධයෙන් රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ අනතුර ඊයේ (ජූලි 25) රාත්‍රියේදී සිදුව ඇති බවයි කටුගස්තොට පොලිසිය පවසන්නේ. 

ස්වර්ණමාලි මහත්මිය සිය මෝටර් රථයෙන් මහනුවර සිට කුරුණෑගල දෙසට ගමන් කරමින් සිටියදී නුගවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් 18 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරට ලක්වූ තරුණයාගේ උරහිස ප්‍රදේශය තුවාල වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකාර උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය අධිකරණයට අද (26) ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

Hits: 6

You might also like
Comments
Loading...