මහා පරිමාණ බුරුත දැව ජාවාරමක් වටලයි

මාධව කුලසූරිය - වවුනියාව

0 5

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, රෙඩ්බානා ප්‍රදේශයේදී නීති විරෝධි අයුරින් බුරුත දැව කපා සිදුකළ බුරුත දැව ජාවාරමක් වටලා පුද්ගලයෙකු ඊයේ(25) අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ දැව ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමින් යුතු බුරුත දැව කඳන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි.

මෙහෙයුම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් පිරිසක් පළාගොස් ඇති අතර, අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පැවසුවා.

ජාවාරම්කරුවන්  රක්ෂිත සීමාවන්හි බුරුත ගස් කපා වඩුමඩුවලට විකිනීම සිදුකොට ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

You might also like
Comments
Loading...