දිවයින පුරා සියලුම රෝහල් හා සෞඛ්‍ය ආයතනවල දැනට අබලන්ව පවතින, මහජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමට යොදාගත හැකි සියලු වාහන අලුත්වැඩියා කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ වහාම ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
ඒ අනුව මේ වසර අවසන් වන විට සෞඛ්‍ය සේවා සපයන ආයතනවල ප්‍රවාහන ගැටළු විසඳීමට හැකියාව ලැබෙනු ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසන්නේ.
පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ යෝජනාව සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු විධායක කමිටුවට ඉදිරිපත් කළ බවත් ඊට පූර්ණ අනුමැතිය ලැබුණු බවත් ඒ මහතා පවසනවා.
Hits: 0