වනසතුන් දඩයමේ නිතර පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට වනජීවියෙන් මෙහෙයුමක්

ඉන්දික අරුණ කුමාර - නාඋල

0 15

මතලේ දිස්ත්‍රික්කයේ පවත්නා මද වැසි තත්ත්වයත් සමග වන සතුන් දඩයම් කිරිමේ අරමුණින් වනාන්තරවල සැරිසරණ පුද්ගලයන් අත්අඩංගුවට ගැනිමේ විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

සතුන් දඩයම් පිණිස තුවක්කු බෑදිම්, ගිණි අවි භාවිත කිරිම්, උගුල් ඇටවීම් ඇතුළු විවිධ ක්‍රියා සම්බන්ධයෙන් පසුගිය සමයේ දී පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට හැකිවූ බව වනජීවි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

මාතලේ වනජිවි කළාපයේ රඡ්ගම්මන සහ ඇලහැර වනජිවි කාර්යාලවල මෙහෙයවීම යටතේ මෙම වැටලීම් සිදුකර තිබෙනවා.

වැසි තත්ත්වයත් සමග වනාන්තරවලට ඇතුළු වන සතුන් දඩයම පිණිස කටයුතු කරන්නන් සම්බන්ධයෙන් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක බව රජ්ගම්මන වනජිවි කාර්යාලයේ අඩවි ආරක්ෂක පි.එම්.බී.විජේකෝන් මහතා පවසනවා.

ඇලහැර – ගිරිතලේ සොබා රක්ෂිත කළාපය සහ මාතලේ සොබා රක්ෂිත කළාප ඉලක්ක කර ගනිමින් විශේෂ නිලධාරින් කණ්ඩායම් දිවා රාත්‍රි කාලයේ දී විශේෂ මෙහෙයුම් අරඹා ඇති බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

You might also like
Comments
Loading...