වවුනියාව පැරණි බස් නැවතුම්පොළ තුළ ස්ථාපිත වෙළඳසැල් සේවකයින් හා අයිතිකරුවන් 25 දෙනෙකු වෙත කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පවසනවා.
වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ වවුනියාව පැරණි බස් නැවතුම්පොළ සේවකයින් වෙත සිදුකළ පි.සි.ආර් පරීක්ෂාවන් තුළින් පුද්ගලයින් 25 දෙනෙකුට වෛරසය ආසාදිත බවට තහවුරුවි ඇති බවයි.
ආසාදිතයින් වාර්තා වූ වවුනියාව පැරණි බස් නැවතුම්පොළ සංකීර්ණයේ වෙළඳසැල් 10 ක් වසා දැමීමට කටයුතු කළ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කියා සිටිනවා.
ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකොට ඇති අතර, ආශ්‍රිතයින් නිරෝධායනය වෙනුවෙන් යොමුකොට ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සඳහන් කළා.
Hits: 2