ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ තුනකට ආසන්න වෙයි
සුවය ලැබූ සංඛ්‍යාව 270,000 ඉක්මවයි - මරණ 4195ක්
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ තුනකට ආසන්න වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ ඊයේ(27) දිනයේදී වාර්තා වූ නව ආසාදිතයන් 1711 දෙනාද සමගින් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 299,892ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඉන් ආසාදිතයන් 270,356 දෙනෙක් මේ වන විට සුවය ලබා රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් ආසාදිතයන් 25,389 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඊයේ(27) දිනයේ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 1711 දෙනා අතරින් ආසාදිතයන් 1688 දෙනෙක් දේශීය හඳුනාගෙන ඇති අතර සෙසු පිරිස විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනයට ලක්වන පිරිස අතරින් හඳුනාගෙන තිබෙනවා.
එසේම මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාවද හාර දහසේ සීමාව පසු කර තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව අද(28) උදෑසන 6 පමණ වන විට 4,195ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ(27) දිනයේ තහවුරු කරන ලද කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 48ක්.
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ අතරින් 2,439 දෙනෙක් පිරිමි පුද්ගලයන් වනවා.
ඊයේ(27) දිනයේදී තහවුරු කරන ලද කොවිඩ් 19 ආසාදිත මරණ අතරින් 28ක් පිරිමි පුද්ගලයන් වන අතර සෙසු පිරිස කාන්තාවන්.
ඒ අතර වයස අවුරුදු 30ට අඩු කාන්තාවක්ද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
වයස අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් හය දෙනෙක් සහ කාන්තාවන් තිදෙනෙක් වන අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි වයස් සීමාවේ පිරිමි පුද්ගල මරණ 22ක් සහ කාන්තා මරණ 16ක්ද වාර්තා වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
එම මරණ 48 ජුලි මස 26 වන දින සිදු වූ මරණ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටින්නේ.
මේ අතර කොවිඩ් ආසාදිත බවට සැකය මත මේ වන විට රෝහල්ගතව සිටින රෝගීන්ගේ සංඛ්‍යාව 1,286ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
Hits: 5