මෙහෙකාර දැරියක් මියයාම : තැරුව්කරුගේ පවුලේ සාමාජිකයන්ගෙන් සහ තවත් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගනි

රංජිත් රාජපක්ෂ - හැටන්

0 103

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනි ජුඩ් දැරිය කොළඹට රැගෙන ගිය තැරැව්කරුගේ පවුලේ සාමාජිකයන්ගෙන් සහ එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටි තවත් කාන්තාවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම ඊයේ(27) දින දවස පුරා ඩයගම වතු යායේදි සිදු කර තිබෙනවා.

එම ප්‍රකාශ සටහන් කරගනු ලැබුවේ ප්‍රධාන පොලිස් පරික්ෂණ වරුණි බොගහවත්ත මහත්මිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්.

මියගිය දැරිය මිහිදන් කල එම වතුයායේ පොදු සුසාන භුමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබු අතර, අධිකරණ නියෝගයක් අනුව එම මෘත දේහය ඊයේ(27) දින ගොඩ ගනීයැයි සිතා ඩයගම අවට වතු කම්කරුවන් විශාල පිරිසක් එම සුසාන භුමිය අසල රැදි සිටි අයුරු දක්නට ලැබුණා.

නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ මිහිදන් කල සිරුරක් අධිකරණ නියෝගයත් මත ගොඩ ගැනිමේදි අනුගමනය කල යුතු නිති මාලාවක් ඇති බවත්, එම නිති මාලාවට අනුව ඉදිරි දින කිහිපය තුලදි ඉෂාලිනිගේ සිරුර ගොඩගෙන යලිත් පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමු කිරිමට නියමිත බවයි.

Hits: 0

You might also like
Comments
Loading...