ඉෂාලිනිගේ මෘත දේහය තැන්පත් කර ඇති සුසාන භුමියට දැඩි පොලිස් ආරක්ෂාවක්

රංජිත් රාජපක්ෂ - හැටන්

0 47

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්ෂයට පත් ඩයගම පදිංචිව සිටි අවු 16 හැවිරිදි ජේ. ඉෂාලිනිගේ මෘත දේහය තැන්පත් කර ඇති ඩයගම වත්තේ පොදු සුසාන භුමියට 26 වනදා සිට ඩයගම පොලිසිය විසින් දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබෙනවා.

ජිවිතක්ෂයට පත් ජේ. ඉෂාලිනි දැරියගේ මෘත දේහය යලිත් ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කරන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් අධිකරණ නියෝගයත් සමගිනුයි මෙලෙස ජේ. ඉෂාලිනි දැරිය මිහිදන් කර ඇති ඩයගම වත්ත පොදු සුසාන භුමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත්තේ.

මෘත දේහය ගොඩ ගැනිමේ කටයුතු ඊයේ (27) දිනයේ සිදු කිරිමට නියමිතව තිබුණද ඊයේ දිනයේදී මෘතදේහය යලි ගොඩ ගැනීමක් සිදු වූයේ නැහැ.

කෙසේ වෙතත් ඩයගම ප්‍රදේශයේම පදිංචි තරුණියන්  කිහිප දෙනෙකු රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා ඇති බවට තැරුව්කරු වෙතින් කරුණු අනාවරණය වීමත් සමගින් කොළඹ කොට්ඨාශ ළමා සහ කාන්තා කාර්යංශය පොලිස් නිලධාරින් පිරිසක් ඊයේ (27) දින ඩයගම ප්‍රදේශයට පැමිණ එම පිරිසගෙන් ප්‍රකාශ ලබා ගැනිම සිදුකරනු ලැබුවා.

You might also like
Comments
Loading...