ලෝක කඩොලාන දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක් උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් තලෙයිමන්නාරම සහ නච්චිකුඩා වෙරළ ප්‍රදේශයන්හිදී ක්‍රියාත්මක කර තිබෙනවා.
නාවික හමුදාව පැවසූවේ කඩොලාන පරිසර පද්ධතිය සුරැකීම සඳහා නිරන්තර දායකත්වය දක්වන නාවික හමුදාව, තලෙයිමන්නාරම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සහ මන්නාරම නච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ වෙරළ පිරිසිදු කිරීම හා කඩොලාන පැළ රෝපණය කළ බවයි.
වෙරළ පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය සුරැකීමට මෙන්ම වෙරළ සංරක්ෂණය සඳහා කඩොලාන පද්ධතිය මඟින් විශාල දායකත්වය ලබාදෙයි.
වැඩසටහනට උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නිලන්ත හේවාවිතාරණ මහකා ඇතුළු නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී තිබෙනවා.
Hits: 0