ලොව මෙතෙක් හමු වූ විශාලතම ඉන්ද්‍රනීල තරු මැණික් පොකුර (ආර්නූල්) රත්නපුර, කහවත්ත ප්‍රදේශයෙන් ඊයේ (27) හමු වී තිබෙනවා.
එම මැණික් පොකුර කැරට් මිලියන 2.5ක් එනම්, කිලෝග්‍රෑම් 510ක බරකින් යුක්ත බව මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ සහ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ අභ්‍යාස ආයතනයේ සභාපති තිලක් වීරසිංහ මහතා පවසනවා.
එහි වටිනාකම කෝටි දෙදහසකට අධික වන බවට ඇස්තමේන්තු කර ඇති අතර මෙය දිගින් මීටරයක්, පළලින් මීටර් බාගයක්, උසින් සෙන්ටි මීටර් 72ක් පමණ වන බවත් හෙතෙම කියා සිටියා.
රත්නපුර කහවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවෙස පිටුපස ළිඳක් කපන අවස්ථාවේදී මෙම වටිනා මැණික හමු වී තිබෙනවා.
මෙම මැණිකට දෛවයේ නිල් මැණික යැයි නම් තබා ඇති අතර ළිඳ කැපූ පුද්ගලයා කිසියම් දුර්ලභ දෙයක් හමු වූ බවට තමන් දැනුවත් කළ බවත් ඒ අනුව තවදුරටත් සිදු කළ කැණීම්වල දී එය නීල මාණික්‍යයක් බව අනාවරණය වූ බවත් එම ව්‍යාපාරිකයා පවසනවා.
මෙම මැණිකේ හිමිකාරයා තුන්වන පරම්පරාවට අයත් මැණික් ව්‍යාපාරිකයකු බවත් ආරක්ෂක හේතු මත තමන් සිටින ස්ථානය අනාවරණය නොකරන බවත් දැනුම් දී තිබෙනවා.
මේ මැණික් පොකුර සොයාගත් බව බලධාරීන්ට දැනුම් දී ඇති බවත් එහි තිබූ අපද්‍රව්‍ය ඉවත් කර පිරිසුදු කිරීමට වසරකට වැඩි කාලයක් ගත වූ බවත් වැඩිදුරටත් වාර්තාවනවා.
මේ මැණික් වර්ගය ඉතා ඉහළ කැරට් වටිනාකමක් ඇති අතර පොකුරේ ඇති සෑම මැණිකක්ම එක සේ වටිනා ඒවා නොවිය හැකි බව ද වැඩිදුරටත් පැවසුවේ.
දෛවයේ නිල් මැණික නිසා විදේශීය මැණික් ගැනුම්කරුවන් සහ මැණික් පිළිබඳ ප්‍රවීණ විද්වතුන් මෙරටට ආකර්ෂණය විය හැකි යැයි විශ්වාස කෙරෙනවා.
මෙම මැණික් පොකුර හමු වූ වසරක කාලයක් ගත වී තිබෙන බවත් කොවිඩ් හේතුවෙන් එය හෙළි නොකළ බවත් මේ අවස්ථාව එය හෙළි කිරීමට හොදම අවස්ථාව බවත් මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ සහ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ අභ්‍යාස ආයතනයේ සභාපති තිලක් වීරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.
Hits: 2