ඔන්ලයින් අධ්‍යයන කටයුතුවලින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉවත් වෙයි

0 5

ඔන්ලයින් අධ්‍යයන කටයුතුවලින් අද (28) දිනයේ සිට ඉවත් වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

කොතලාවල ආරක්ෂක විද්‍යාල පනතට විරෝධය පළකරමින් එම තීරණය ගෙන ඇති බවයි එහි සභාපති මහාචාර්ය ශාම බන්නැහැක මහතා කියා සිටියේ..

අදාළ පනත මඟින් නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සිදුවන බවයි මහාචාර්ය ශාම බන්නැහැක මහතා පවසන්නේ.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා කියා සිටියේ අදාළ පනත සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

අදාළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සංශෝධන සහිතව හෝ ගෙන ඒම වළක්වාලිය යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කර සිටිනවා.

You might also like
Comments
Loading...