වවුනියාව දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වෙත සමස්ත දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි එන්නත් ලබාදීමේ වැඩසටහන ඊයේ(28) ආරම්භ කර තිබෙනවා.
වවුනියාව නගරය, වවුනියාව දකුණ, වවුනියාව උතුර හා සෙට්ටිකුලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි ස්ථාන කිහිපයකදී එන්නත් ලබාදීම සිදුකෙරෙනවා.
වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයේ මෙහෙයවීම යටතේ, වන්නි යුධ හමුදාවේ සහයෝගයෙන් එන්නත් ලබාදීම සිදුකෙරෙන්නේ.
දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සියළුදෙනා එන්නත් කිරීමෙන් අනතුරුව, වයස අවුරුදු 30 ට වැඩි පිරිස් වෙත එන්නත් ලබාදීම සිදුකිරීමට නියමිත බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පවසනවා.
Hits: 2