හැටන් දික්ඔය නගර සභා සිමාවේ පවුල් 8කට අයත් සාමාජිකයන් 30 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අද(29) දින ලද PCR පරික්ෂණ අනුව තහවුරු වූ බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පවසනවා.
පෙර ආසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 40 දෙනෙකුගෙන් පසුගිය 25 දින සිදු කරන ලද PCR පරික්ෂණය අනුව නව අසාදිතයන් 30 දෙනා හදුනාගත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
හැටන් ගාමිණිපුර, හිජිරාපුර, දුඹුරුගිරිය පාර, බණ්ඩාරනායකපුර යන ප්‍රදේශවල පදිංචි නව අසාදිතයන් 30 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමටත්, නව ආසාදිතයන් නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කිරිමට පියවර ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
Hits: 1