නාඋල යළි කොරෝනා වර්ධනයක්

ඉන්දික අරුණ කුමාර - නාඋල

0 17

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ යළි කෝවිඩ් ආසාධිතයින් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

නාඋල ප්‍රදේශයේ ඇගළුම් හලකින් රෝගීන් 06 දෙනෙක් හා පිළිහුඩුගොල්ල ග්‍රාම නිලධාරි වසමෙන් රෝගීන් 08 දෙනෙක් ඊයේ (28) වන විට වාර්තා වී තිබෙනවා.

පසුගිය සමයේ දී දිනෙන් දින වාර්තා වූ කෝවිඩ් ආසාදිතයින්ගේ අඩුවීමක් දක්නට ලැබුණ ද මේ වනවිට රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ කියා සිටින්නේ.

පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් නාඋල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයෙන් කළ විමසීමක දී එහි ප්‍රකාශයෙකු කියා සිටියේ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාව සහ කෝවිඩ් රෝගින් හඳුනාගැනිමේ සෙසු ක්‍රමවේද අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් රෝගය පාලනය සඳහා අවශ්‍ය පියවරයන් සෙසු රාජ්‍ය ආයතන සමග ක්‍රියාවට නංවා ඇති බවයි.

සෞඛ්‍ය පුරුදු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, අත්‍යාවශ්‍ය කරුණකට හැර නිකරුනේ මහජනතාව ගැවසෙන ස්ථානවල රැඳීසිටිමෙන් වලකින ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබනවා.

 

You might also like
Comments
Loading...