තවත් කොවිඩ් මරණ 156ක් – සමස්තය 5600 ඉක්මවයි

0 25

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව මේ වන විට 345118ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේදී ආසාදිතයන් 3069 දෙනෙක් වාර්තා වීමත් සමගින්.

එලෙස තහවුරු කරන ලද පිරිස අතරින් ආසාදිතයන් 46 දෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි පිරිස අතරින් හඳුනාගෙන තිබෙනවා.

ඊයේ (12) දිනයේදී තහවුරු කරන ලද කොවිඩ් 19 ආසාදිතයන් අතරින් ආසාදිතයන් 1483 දෙනෙක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

රම පළාතේ ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 591ක්.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 455ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 437 දෙනෙක් වාර්තා වනවා.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 327ක් වාර්තා වන අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 179 දෙනෙක්ද පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 136 දෙනෙක්ද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 113 දෙනෙක්ද වාර්තා වනවා.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව සියයක්.

මේ අතර ඊයේ(12) දිනයේදී මෙරට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මියගිය පුද්ගලයන් 156 දෙනෙකු තහවුරු කෙරුණු අතර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ පෙරේදා දිනයේදී සිදු වූ මරණ එලෙස තහවුරු කරන ලද බවයි.

ඉන් මරණ 121ක් වයස අවුරුදු 60 පුද්ගලයන් වන අතර අනෙක් මරණ 35 වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන් වනවා.

ඒ අනුව කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මෙරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 5620ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොවිඩ් 19 ආසාදිත සමස්ත සංඛ්‍යාවෙන් මේ වන විට ආසාදිතයන් 302455 දෙනෙක් සුවය ලබා ඇති අතර ආසාදිතයන් 37199 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ අතරකොරෝනා රෝගීන් ලෙස සැක සහිත රෝගීන් 3128 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

You might also like
Comments
Loading...