සැලසුමක් නොමැති බවට සමගි ජනබලවේගයෙන් ආණ්ඩුවට චෝදනා

0 27

කොවිඩ් මරණ වළක්වා ගැනීම සඳහා ආණ්ඩුවට නිසි සැලසුමක් නොමැති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා චෝදනා කරනවා.

මන්ත්‍රීවරයා මෙලෙස චෝදනා කර සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ කොරෝනා මරණ ආදාහනයට ගාස්තු අය නොකරන ලෙස පවසා ඇති බවයි.

රෝහල්වලට ඇඳන් ටික දෙන්න නෑ, රෝහල්වලට ඔක්සිජන් ටික දෙන්න නැහැ, ICU ටික හදන්නේ නැහැ, රෝගීන් ගෙනියන්න තැනක් නෑ, ඒ අය රැකබලා ගන්න ක්‍රමවේදයක් හදලා නෑ, ඒගොල්ලන්ට අසරණ වුණාම කන්න ටිකක් දෙන්න අසරණ වෙච්චි මිනිහවම බලන්න ක්‍රමවේදයක් හදලා නෑ එහෙම හදන්නේ නැති මේ ආණ්ඩුවේ වහල්ලු ටික කියනවා කොරෝනාවලින් මියයන අය ආදාහනය කරද්දි ගාස්තු අය කරන්න එපා කියලා.

ගාස්තු අය කරන එකනෙවෙයි වැඩේ, මිනිස්සු ජීවත් කරන එකයි වැඩේ.

එහෙනම් මේ අය සූදානම් වෙන්නේ මිනිස්සු ටික මරන්න.

මෙතනැදි පැහැදිළිව අපට පේනවා PCR කරන එක සියයට දෙකක්වත් පීසීආර් කරන්නේ නැහැ.

සියයට දෙකක්වත් පීසීආර් නොකර තමයි ආසාදිතයෝ සියයට තිහකින් වැඩිවෙලා කියලා කියන්නේ.

Hits: 2

You might also like
Comments
Loading...