නල්ලුර් වාර්ෂික මංගල්ලයේ කොඩි එසවීම සිදුකරයි

මාධව කුලසූරිය - වවුනියාව

0 31

යාපනය, නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික මංගල්ලය වෙනුවෙන් කොඩි එසවීම පූජාවන් පැවැත්වීම අද (13) උදැසන කර තිබෙනවා.

නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය, දින 25ක කාලයක් පැවැත්වීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

මෙවර පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ කෝවිලේ පූජක පක්ෂය පමණක් චාරිත්‍ර වෙනුවෙන් සහභාගිවීමට තීරණය කොට ඇති බව කොවිලේ පාලක සභාව පවසනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද කොඩි එසවීමේ මංගල්ලය වෙනුවෙන් බැතිමතුන් පිරිසක් සහභාගි වි සිටි අතර, පොලීසිය අදාළ පිරිසට කොවිල් පරිශ්‍රයට ඇතුළුවීමට අවසර ලබාදී තිබුණේ නෑ.

පොලීසිය හා සෞඛ්‍ය අංශ පැවසූවේ පවතින සෞඛ්‍ය අවදානම සැළකිල්ලට ගෙන ජනතාවට කටයුතු කරන ලෙසයි.

එහෙත් අදාළ බැතිමතුන් මාර්ග අසළ රැස්වි කෝවිලේ මංගල්ලය වෙනුවෙන් පොල් ගසන ආකාරයක් දැකගැනීමට හැකිවන බවද යාපනය ජනතාව පවසනවා.

වෙනත් සෑම වසරකදීම දෙස් විදෙස් හින්දු බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගිත්වයෙන් නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික මංගල්ලය පවත්වා තිබෙනවා.

Hits: 3

You might also like
Comments
Loading...