මිලියන 50ක් වටිනා කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ තිදෙනෙක් අල්ලයි

0 56

යාපනය, වැල්වැටිතුරේ වෙරළ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 126ක පමණ ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 02 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙ‍නෙකු (03) සහ කැබ් රථයක් සිය භාරයට ගැනීමට නාවික හමුදා භාරයට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. 

ඒ උතුරු නාවික විධානය මඟින් යාපනය, වැල්වැටිතුරේ වෙරළ ප්‍රදේශයේ අද (14) උදෑසන සිදු කල මෙම විශේෂ පාමුර සංචාරයකදීයි. 

වෙරළ ආසන්නයේ නවතා තිබූ කැබ් රථයකට සැකකටයුතු ලෙස පොලිතීන් උර තොගයක් පටවමින් සිටි පිරිසක් නාවික හමුදා භටයන් විසින් නිරීක්ෂණය කර තිබෙනවා.

පසුව සිදු කළ වැඩිදුර පරීක්ෂාවේදී, පොලිතින් උර තුනක (03) පාර්සල් 60ක් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 126 ක් සහ ප්ලාස්ටික් ඇසුරුමක සුක්ෂම ලෙස පාර්සල් තුනක් (03) වශයෙන් අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 02 ග්‍රෑම් 330ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම කැබ් රථය නාවික හමුදා භාරයට ගන්නා ලද බවයි නාවික හමුදාව පවසන්නේ.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 50 ක් පමණ වන බවයි නාවික හමුදාව විශ්වාසය පළ කරන්නේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා (03) වයස අවුරුදු 32ත් 38ත් අතර වයසේ පසුවන කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, මෙම සැකකරුවන්, කේරළ ගංජා, අයිස් මත්ද්‍රව්‍ය සහ තැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්වැටිතුරේ පොලීසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

Hits: 1

You might also like
Comments
Loading...